අරගලයේ හිටපු සමහරු ලේකම්වරුන් වෙලා – ප්‍රසන්න රණතුංග

අරගලයේ හිටපු සමහරු ලේකම්වරුන් වෙලා – ප්‍රසන්න රණතුංග

පවතින ආර්ථික තත්ත්වය තුළ තාවකාලිකව නතර වී ඇති පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී ඊයේ (21) පැවති සාකච්ඡාවකදීයි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩි දුරටත් දැක්වූ අදහස්,

“පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සංවර්ධන කටයුතු කරගෙන යෑමට ඇතැම් චක්‍රලේඛ බාධාවක් වෙලා තිබෙනවා. ඒ චක්‍රලේඛ නිදහස් කිරීමට ආණ්ඩුකාරතුමා කටයුතු කළත් ඒවා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක නිසා මේ සාකච්ඡාවෙදි ගන්න තීන්දු වෙනස් කරන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි.

පවතින ආර්ථික අර්බුදයත් සමඟ පාසල් දරුවන්ගේ පොත්පත්වල මිල ඉහළ ගිහිල්ලා. සමහර දරුවන් පාසල් නොයෑමට ඒක හේතුවක් වෙලා. පවතින ආර්ථික අර්බුදයත් එක්ක අඩු ආදායම්ලාභීන් ගැන, මන්දපෝෂණය ගැන, පාසල් දරුවන්ගේ ගැටළු ගැන මෙන්ම දේශීය නිෂ්පාදකයන් වෙනුවෙන් යමක් කළ හැකිනම් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම ගැබිනි මව්වරුන් වෙනුවෙනුත් යම් දෙයක් කරන්න ඕන.

ඒ නිසා පළාත් පාලන ආයතනවල ප්‍රතිපාදන මගින් මහා පරිමාණ ව්‍යාපෘති කරන්නේ නැතුව ආර්ථික අර්බුදයට ගැලපෙන විදියට රජයට හයියක් වන විදියට කටයුතු කරන්න කියල අපි පළාත් පාලන ආයතනවලට උපදෙස් දීල තියෙනවා.

අපි මුලින්ම විමධ්‍යගත ප්‍රතිපාදන නතර කරන්න කියල චක්‍රලේඛයක් ගැහුව්වා. ඒ නිසා සමහර පළාත් පාලන ආයතනවල සංවර්ධන ව්‍යාපෘති නතරවෙලා. පළාත් පාලන ආයතනවලින් එකතුකරන වරිපනම් මුදල් ඒ අයට වියදම් කරන්න පුළුවන්.

අරගලයේ හිටපු අය සමහරු ලේකම්වරුන් වෙලා ඉන්නවා. තමන්ගේ දේශපාලනය පෞද්ගලිකව කරගන්න. හැබැයි පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට වැඩ කරගෙන යන්න පුළුවන් පසුබිම හදල දෙන්න.

පළාත් පාලන ආයතනවල ස්ථාවර තැන්පතු අරගෙන පාවිච්චි කරන්න. රජයේ සල්ලි තියෙන්නේ ස්ථාවර තැන්පතු තියා ගන්න නෙවෙයි. වැඩ කරන්නයි. මැතිවරණයකුත් එනවා. රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒක නිසා ගම්වල වැඩකරන පළාත් පාලන ආයතනවල ස්ථාවර තැන්පතුවල තියෙන මුදල් පාවිච්චි කරන්න.

ගම්වල මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මිනිසුන්ගේ ගැටළු ඉලක්ක කරගෙන ව්‍යාපෘති හදල ජනවාරි පළවැනිදා ඉදල වැඩේ කරගෙන යන්න. මොනව හරි ගැටළුවක් තිබුණොත් මට කියන්න. මම පළාත් පාලන ලේකම්වරුන් එක්ක කතා කරන්නම් “ යනුවෙන්