සෙලෙන්ස්කි ජෝ බයිඩන් හමුවෙයි

යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක යෙදී සිටිනවා. ඔහු ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති අතර එහිදී යුක්‍රේන – රුසියානු අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ.
යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පෝලන්තයට පැමිණීමෙන් පසුවයි, අමෙරිකාව බලා පිටත්ව ගියේ.
පෝලන්තයේ සිට පැමිණි ගමනාන්තය මාධ්‍යයට අනාවරණය කර තිබුණේ නැහැ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, සෙලෙන්ස්කි පැමිණි ගුවන් යානාව, එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් ජෙට් යානාවක් බවයි.
එම ජෙට් යානාවේ ආරක්ෂාව සඳහා නේටෝ ප්‍රහාරක ජෙට් යානා සහ ඔත්තු බැලීමේ හැකියාවක් ඇති විශේෂ ගුවන් යානාවක් ද යොදවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යුක්‍රේන ජනාධිපතිවරයා පසුව ධවලමන්දිරයට පැමිණ අමෙරිකානු ජනාධිපතිවරයා හමුවුණා. ඔවුන් දෙදෙනා යුක්‍රේන – රුසියානු අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
යුක්‍රේනයට ඩොලර් බිලියන 2 කට වැඩි නව ආධාර පැකේජයක් ලබා දෙන බවට, බයිඩන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබෙනවා.
තවත් ඩොලර් බිලියන 45 කට අධික ආධාර එරටට ඉදිරියේ දී ලබා දෙන බවයි, අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි, අමෙරිකාව පිරිනමන මානුෂීය සහ යුද ආධාර සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කර තිබෙනවා.


