මත්ද්‍රව්‍ය වැටලීමට රාජසන්තක කළ රථ වාහන

මත්ද්‍රව්‍ය වැටලීමට රාජසන්තක කළ රථ වාහන

රේගුව මඟින් රාජසන්තක කරන ලද රථ වාහන මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම් සඳහා භාවිතා කිරීමට සැලසුම්කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව නීති විරෝධී ලෙස ආනයනය කොට දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර තිබෙන වාහන නිරීක්ෂණයකටද පසු ගිය දා ගොස් තිබුණා.

එහිදී අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දි ඇත්තේ එම වාහන වල නීතිමය බාධාවන් ඉවත් කොට පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා ලෙසයි.