“පාස්පොර්ට්” ගන්න 26 වෙනුවට වෙනත් දිනයක්

“පාස්පොර්ට්” ගන්න 26 වෙනුවට වෙනත් දිනයක්

එළඹෙන 26 වන දා විදෙස් ගමන් බලපත් සඳහා අයැදුම් කළ අයැදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසයි.

එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් අදාළ අයැදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දියක් හා වේලාවක් ලබා දීමට සැලසුම් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම නිසා 26 දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.