දකුණේ පාතාලයට තිත තබන්න විශේෂ පොලිස් කණ්ඩායම් 69ක්

දකුණේ අපරාධ මර්දනය සඳහා ආයුධ සන්නද්ධව විශේෂ පොලිස් කණ්ඩායම් 69ක් යොදවා ඇතැයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
අජිත් රෝහණ පැවසුවේ, මේ වසරේ ගතවූ කාලය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස18 දෙනෙකි.
දකුණු පළාතේ වෙඩි තැබීම් සම්බන්ධ ආසන්නතම සිදුවීම ඊයේ (23) රාත්‍රි වාර්තා විය.
ඒ, ඇල්පිටිය, යක්කඩුව හන්දිය ප්‍රදේශයෙන් ය.
එහිදි 26 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවේ ය.
පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

