චීනයට කොවිඩ් හිසරදයක් වෙයි

චීනයට කොවිඩ් හිසරදයක් වෙයි

මෙම සතියේ එක් දිනකදී පමණක් චීනයෙන් මිලියන 37 කට ආසන්න ජනතාවක් COVID-19 ආසාදනය වී ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණා.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීමක තොරතුරු උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය මෙම වාර්තාව සකසා තිබෙන්නේ.

චීනයේ ජනගහනයෙන් 18% ක් එනම් මිලියන 248 ක ජනතාවක් දෙසැම්බර් පළමු දින 20 තුළ කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බවයි එම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා ක‍රන්නේ.

මෙම සතියේ එක් දිනකදී පමණක් එරටින් මිලියන 37 කට ආසන්න ජනතාවක් COVID-19 ආසාදනය වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් අනාවරණ වී තිබෙන්නේ.

මෑත කාලීනව දැඩි කොවිඩ් ප්‍රතිපත්ති සහ නීති වලට එරෙහිව චීන ජනතාව විරෝධතා පල කිරීම්වලින් පසුව ඒවා ලිහිල් කිරීමට බලධාරීන් කටයුතු කරා.

එම නිසා කොවිඩ් වෛරසයට නිරාවරණය නොවූ ජනගහනයක් අතර අසාදනය පැතිර යාමේ අවධානමක් ඇතිව තිබෙනවා. එමගින් එරට ජනතාව ලබාගත් එන්නත් වල ප්‍රතිශක්තිය බොහෝ දුරට අහිමි වනු ඇතියි සෞඛ්‍ය විශේෂඥයන් දැඩි කනස්සල්ල පල කරනවා.

දින කිහිපයකට පෙර මධ්‍යම චීනයේ දැඩිසත්කාර ඒකක කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා.

ශීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් රැල්ල පිළිබඳ විස්තරාත්මක සහ සත්‍ය තොරතුරු සපයන ලෙසට එම සංවිධානය එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

https://bloom.bg/3I27wqY