බොර තෙල් මිලේ සුළු වැඩි වීමක්

බොර තෙල් මිලේ සුළු වැඩි වීමක්

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඉහළයාමක් පෙන්නුම් කළා.

නත්තල සහ හිම කුණාටු තත්ත්වයන් හමුවේ එක්සත් ජනපදයේ ඉන්ධන ඉල්ලුම ඉහළයාම එම තත්වයට ආසන්නතම හේතුවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 83ට ආසන්න වූ අතර ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79යි ශත 50ක් ලෙස දැක්වුණා.