සුනාමිය මෙරටට කඩාවැදී අදට වසර 18යි – අද විනාඩි දෙකක නිහැඬියාවක්

සුනාමිය මෙරටට කඩාවැදී අදට වසර 18යි – අද විනාඩි දෙකක නිහැඬියාවක්

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමියට අදට වසර 18ක්

රිච්ටර් මාපකයේ 9.1 -9.3 අතර සටහන් වූ මේ සුනාමිය රකුසකු ලෙස රටවල් රැසකට කඩා වදිද්දී ඉන් ගැලවීමට විශාල ජනසමූහයකට නොහැකි විය.

මෙම බලගතු සුනාමියෙන් මෙරට 30,000කට අධික ජනකායක් මරුමුවට පත් වූහ. අම්පාර ප‍්‍රදේශයේ පමණක් 10,000කට අධික පිරිසක් මියගිය බව වාර්තාවේ. සුනාමිය මුහුදු වෙරළින් රට තුළට කඩා වැදීමෙන් මගීන් 1700ක් රැගත් දුම්රිය ද ගොදුරු විය.

සුනාමියෙන් 4093ක් අතුරුදන් වූ අතර 21141ක් තුවාල ලැබූහ. ඇමෙරිකානු රජය දියාගෝ ගාර්ෂියාවේ සිට නැව් තුනක් සහ මැරයින් භටයන් 2000ක් ශ‍්‍රී ලංකාවේ නිරිත දිග වෙරළට එවනු ලැබීය.

මෙම මැරයින් බළකායට මුහුදේ සිට ගොඩබිමට පැමිණිය හැකි විශේෂ වූ රථ ද අයත් විය. කොළඹ සිට ගාල්ල වෙත ධාවනය වූ දුම්රිය අම්බලන්ගොඩදී නතර කර ගැනීමට බලධාරීන් උත්සාහ කළත් ඒ වනවිට දුම්රිය පිටත්ව තිබුණි. මෙම සුනාමියට මුල්වූයේ දෙසැම්බර් 26 වැනිදා ඉන්දුනීසියානු වේලාවෙන් 7.58ට සිදු වූ බරපතළ භූචලනයයි.

ඉන්දුනීසියාව අසල පෘථිවිය තල හා ඉන්දීය කලාපයේ තල එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම භූචලනය ගැන ඇමෙරිකානු භූ චලන ආයතනය අනතුරු අඟවා තිබුණත් ඉන්දුනීසියානු සාගරයේ පිහිටි රටවල් රැසක් සඳහා අනතුර ගැන දැන්වීමට නොහැකි විය. මේ භූචලනය විනාඩි 8 ත් 10ත් අතර පැවැති බව වාර්තා විය.

එසේම ඉන් ඇති වූ සුනාමියේ බලය ඇමෙරිකාව විසින් හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් 1808 වරක් බලසම්පන්න බව සාගර විද්‍යාඥයෝ හෙළි කළහ.

සුනාමිය මෙරට නිරිත දිග වෙරළට කඩා වදින අවස්ථාවේ වාහන රැසක් ගාලූපාරේ ධාවනය විය. එම වාහන මුහුදට ගසාගෙන ගොස් අතුරුදන් විය.

ජපානයට ද සුනාමිය කඩා වැදීමේ හේතුවෙන් වාහන විශාල සංඛ්‍යාවක් විනාශ විය. ගාලූ නගරයටද සුනාමිය කඩා වැදුණි. එකවරක් ගොඩබිමට පැමිණි මුහුදු රැල්ල බැලීමට ගිය පිරිසක්ද ගාලූ හෝටලය අසල සුනාමි රැලී බැලීමට ගිය දේශීය සංචාරකයන් පිරිසක්ද 2 වැනිවර පැමිණි සුනාමි රළ මාලාවන්ට ගොදුරු විය. මෙම සුනාමි විපතින් මඩිය තරකරගනු ලැබුවේ කොටි සංවිධානයයි. ලැබුණු ආධාර කොටි භාණ්ඩාගාරයට බැරවූ බව පසුව අනාවරණය විය. තායිලන්තය ඉන්දුනීසියාවේ අචේ ප‍්‍රාන්තය තමිල්ණාඩුවේ චෙන්නායි වෙරළට ද සුනාමියෙන් බරපතළ හානි පැමිණුණි.

මේ සුනාමිය මැඩගස්කරය දක්වා ව්‍යාප්ත වූ බව අනාවරණය විය. සුනාමිය කඩා වදින අවස්ථාවේ අනතුරු ඇඟවීමේ බෝයා පද්ධති සාගරයේ ස්ථාපිතවී නොතිබුණි.

මේ අතර හවායි දූපතේ සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සුනාමි රළ මාලාවක් ගැන එම මොහොතේම අනතුරු අඟවා තිබූ බවද අනාවරණය විය. මේ අතර සුනාමියෙන් පසුද ඉන්දීය සාගරයේ පිහිටි අන්දමන් දූපත් සහ නිකෝබාර් දූපත්වල භූචලන වාර්තා විය. ඉන්දුනීසියානු ලෝක්ග්නගා නගරය මුළුමනින්ම සුනාමියට ගොදුරු වීමද විශේෂ සිදුවීමකි. මෙලෙස සුනාමියට වසර 17 ක් සපිරෙන අවස්ථාවේ එකම පවුලේ සියලූ සාමාජිකයන් මියයෑමද තවත් පවුලක සියල්ලො ම අතුරුදන් වී පියා පමණක් ගැලවීමේ ඛේදනීය සිදුවීම්ද අනාවරණය විය.

225000කට වැඩි පිරිසක් මරුමුවට පත් කරමින් සිදුවූ සුනාමි ව්‍යසනය නොපෙනුන පැත්තත් වසර කීපයකට පසු හෙළි විය. ඒ සාගර පත්ලේ සිදු කරන න්‍යෂ්ටික බෝම්බ අන්හදා බැලීමේ ක‍්‍රියාදාමයයි. පෘථිවි තල එකිනෙක සම්බන්ධ වීමට බලපා ඇත්තේ මෙම න්‍යෂ්ටික පිපිරීම් යැයි විද්‍යාඥයන් පිරිසක් ප‍්‍රකාශ කර ඇත.

මේ අතර සුනාමි ව්‍යසනය සහ මෙරට අනෙකුත් ස්වභාවික විපත් හේතුවෙන් මියගිය සියලු දෙනා සිහි කර, මතක ආවර්ජනය කිරීමට මිනිත්තු කිහිපයක් වෙන් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව අද (26) යෙදෙන ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් පෙරවරු 9.25 ස්ට 9.27 දක්වා මිනිත්තු දෙකක නිහැඬියාවක් පළ කරන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා ඇත්තේ.

මෙම සුනාමි විපතේදී මියගිය සියලූ ශ්‍රී ලාංකික වැසියන් දූ දරුවන් ඇතුළු සැමදෙනා අපි සිහිපත් කරන්නෙමු. යළි මෙවන් විපතක් ශ්‍රී ලංකා භුමියේ ඇති නොවේවා. My newslanka අපේ පැතුමයි.