ආහාර උද්ධමනයෙන් ලංකාව 7වැනි තැනට

ලෝක බැංකුව විසින් ආහාර සුරක්ෂිතතා ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව නාමික ආහාර මිල උද්ධමන ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.
එහි අගය සඳහන් වන්නේ සියයට 74ක් ලෙස යි.
මෙම උද්ධමන වගුවේ පළමු ස්ථානයට සිම්බාබ්වේ පැමිණ ඇති අතර, එහි අගය සියයට 321%ක් ලෙස සටහන් වනවා.
තවද මෙම වාර්තාවට අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය වැඩිම රටවල් 10 අතර දකුණු ආසියාතික එකම රට බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

