ඇප කොන්දේසි සම්පූර්ණ කළ තිලිණි ප්‍රියමාලි නිදහස්

ඇප කොන්දේසි සම්පූර්ණ කළ තිලිණි ප්‍රියමාලි නිදහස්

රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි තිළිණි ප්‍රියමාලි මීට ටික වේලාවකට පෙර (27) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

තිළිණි ප්‍රියමාලි අදාළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී අවස්ථා දෙකක දී නීතිවිරෝධී ලෙස ජංගම දූරකතන තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ද බන්ධනාගාරය විසින් කොළඹ දිස්ත්‍රික් උසාවියට නඩුවක් ගොනු කර තිබුණා.

එම නඩුවට ද කොළඹ දිස්ත්‍රික් උසාවියේ මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කළ අතර අද දහවල් එම සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමටතිළිණි ප්‍රියමාලි සමත් වූ අතර එහිදී ඇය විසින් කොන්දේස් ඇප කොන්දේස් සපුරන ලද නඩු සංඛ්‍යාව 08ක්.

තිළිණි ප්‍රියමාලිට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප 08ක් සහ රුපියල් මිලියන 10 බැගින් වන ශරීර ඇප 20ක් තබන ලෙසයි අධිකරණය නියෝග කරනු ලැබුවේ.