ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං මැරිලා නෑ මරලා – අලුතෙන්ම එළියට ආපු කතාව

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය, සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ මරණ පරීක්ෂණ සිදු කළ මෘත ශරීරාගාර කණ්ඩායම නිකුත් කළ නවතම වර්තාවක ඒ බව සඳහන් බව ය.
සුෂාන්ත් 2020 වසරේ ජූනි 14 වන දින බන්ද්‍රාහි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් සිටියේ ය.
රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත් මියගොස් වසර දෙකකට පසු, එවකට මෘත ශරීරාගාරයේ සිටි පුද්ගලයෙකු පවසා ඇත්තේ, එය සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් බව ය.
වාර්තාවට අනුව ඔහුගේ සිරුරේ ‘පහර දීමකින් ඇති වූ සලකුණු’ සහ ‘තුවාල’ ඇති බව ද ඔහු පවසා තිබේ.
“සුශාන්ත්ගේ මිනිය දැක්ක ම මම සීනියර්ස්ලාට කිව්වා, මම හිතන්නේ ඒක සියදිවි නසා ගැනීමක් නෙවෙයි මිනීමැරුමක් කියලා. ඒකයි අපිත් ඒ විධියට ම වැඩ කරන්න ඕන. ඒත් මට කිව්වා ඔයා ඔයාගේ වැඩ කරන්න, මම මගේ වැඩ කරන්නම් කියලා. මගේ රාජකාරිය වුණේ ඇඟ කපලා මහන එකයි. ඒ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණය වීඩියෝගත කළ යුතුව තිබුණත්, සර් කිව්වා පුළුවන් තරම් ඉක්මනට ෆොටෝ අරගෙන මිනිය භාර දෙන්න ඕන කියලා.
ඇඳුම් ගලවනකොට ඇඟේ ගහපු සලකුණු තිබුණා. බෙල්ලේ තැන් දෙක තුනක තුවාල සලකුණු තිබුණා. ගැහුවට පස්සේ අත පය කැඩිලා වගේ, ඇඟේ දරුණු තුවාල සලකුණු තිබුණා,” මෘත ශරීරාගාර සේවක රූප්කුමාර් ෂා නවතම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
”‘Told seniors it was not suicide'”
When I saw Sushant’s body for the first time, I quickly informed my seniors that I feel it is not suicide but a murder. I even told them that we should work as per the rules. However, my seniors told me to click pictures as soon as possible and give the body to the cops. Hence, we performed the postmortem in the night only.” යනුවෙන්.

