ETF අරමුදලේ මුදල් ප්‍රේෂණය ඔන්ලයින් ක්‍රමයට

ETF අරමුදලේ මුදල් ප්‍රේෂණය ඔන්ලයින් ක්‍රමයට

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට දායකත්ව මුදල් ප්‍රේෂණය කිරීම ලබන වසරේ පෙබරවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සේවකයන් 15 දෙනෙකුට වඩා සේවය කරන ආයතනවල සේවායෝජකයන් අදාළ ගෙවීම සිදු කිරීම සහ මාසික වාර්තා ඉදිරිපත් කිරීමද මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ යුතු බව යි ඔහු කියා සිටියේ.

මේ හරහා සේවක පාර්ශවයට පහසුවෙන් දායකත්ව මුදල් සේවා ස්ථානයේ සිටම ප්‍රේෂණය කළ හැකි අතර සේවකයින්ට ද දායකත්ව මුදල් ආයතනය විසින් නිසි පරිදි ගෙවා ඇති බවට තහවුරු කර ගත හැකි බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.