සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්

සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්

යුක්‍රේන ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

රුසියාව සමඟ සාම වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා උපකාර කරන ලෙසයි යුක්‍රේන ජනපතිවරයා මෙහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා රටවල් රුසියාවට සම්බාධක පනවද්දී ඉන්දියාව අනුගමනය කරන්නේ නිහඬ ප්‍රතිපත්තියක්.

චීනයට අමතරව රුසියාවෙන් බොරතෙල් ලබාගන්නා දෙවන විශාලතම රටවන්නේ ඉන්දියාවයි.

මේ හේතුව මත ඉන්දියාව රුසියාවට පක්ෂපාති වුව හොත් එය යුක්රේනයට අවාසි සහගත ලෙස බලපානු ඇති බවයි ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ.

https://bit.ly/3GijU4M

COMMENTS