නුවර යටවීමට හේතුවක් ගැන අනාවරණයක්

අධික වර්ෂාවත් සමඟ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණේ භූගත ජල අපවහන පද්ධතියට එම ජල පරිමාව දරාගත නොහැකි වීමෙන් බව මධ්‍යම පළාත් ඉංජිනේරු අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් කානු උතුරා මාර්ග යට වූ බවයි.
මේ අතර, ඊයේ (27) පෙරවරුවේ මහනුවර තත්ත්වය සම්බන්ධ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ කියා සිටියේ සිදු වූ ආපදා තත්ත්වයට හේතුව නිසි සම්බන්ධීකරණයක් නොමැතිව සිදු කර ඇති ව්‍යාපෘති බවයි.

