ඇමරිකාවට කඩා වැදුණු බෝම්බ කුණාටුවෙන් 56ක් මරුට

ඇමරිකාවට හා කැනඩාවට ඉකුත් සිකුරාදා (23) ඇතුළු වුණු හිම කුණාටුව (බෝම්බ කුණාටුව) යනුවෙන් නම් කර ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් ඊයේ (27දා) වන විට පුද්ගලයන් 56 දෙනකු මිය ගොස් තිබූ අතර ඊයේ දිනය තුළ ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවලට අඟල් 9ක පමණ උසට හිම පතිත වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දශක හතරකට පමණ පසු උතුරු ඇමරිකාවට ඇතුළු වුණු දරුණුම හිම කුණාටුව වන මෙම හිම කුණාටුව හේතුවෙන් හටගත් අධික හිම පතනය හා දැඩි සුළං හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තවල වැසියන්ට මහා මාර්ගවල සිය මෝටර් රථවල ගමන් කරමින් සිටියදී දින දෙකක පමණ කාලයක් එම රථවල සිර වී සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම කුණාටුව මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන මෙක්සිකෝව දක්වාම බලපා තිබූ අතර මෙතෙක් කුණාටුවේ බලපෑමෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මිය ගිය පිරිසෙන් 28 දෙනකුම නිව්යෝර්ක් ප්‍රාන්තයේ වැසියන් බව හඳුනාගෙන තිබේ.

