හිම කුණාටුව නයගරා ඇල්ලත් ගල් කරයි (Photos)

හිම කුණාටුව නයගරා ඇල්ලත් ගල් කරයි (Photos)

සෑම තත්පරයකටම ටොන් 3,160 ක අතිවිශාල ජල ප්‍රමාණයක් කඩා හැලෙනා ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති දිය ඇල්ලක් ලෙස සැලකෙන නයගරා ඇල්ලේ ජලය මේ වන විට මිදී ඇති බව වාර්තා වෙනවා.

ඒ දශක පහකට පසු ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති බරපතල ම හිම කුණාටු තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත් නයගරා දිය ඇල්ලේ අති විශාල ජල පරිමාව නිසා එය කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම කැටි නොවන අතර ඒ වෙනුවට බොහෝ විට කැටි වන්නේ මතුපිට ජලය සහ මීදුමයි.

මේ වන විටත් මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 70කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර මෙම බරපතළ ශීත කාල කාළගුණය එරට ප්‍රාන්ත 39 ක දෛනික කටයුතු වලට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

මේ වන විට මතුපිට දිය මිදී ඇති නයගරා දිය ඇල්ලේ ගුවනින් ගත් ඡායාරූප රැසක් අන්තර්ජාලය පුරා උණුසුම් ලෙසින් සංසරණය වෙනවා.