විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීම් වලට යන්නේ නෑ – වෘත්තීය සමිති

විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීම් වලට යන්නේ නෑ – වෘත්තීය සමිති

ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගත්හොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වලට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිය සේවකයන් නොයන වන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින්,

එවැනි විදුලි ගාස්තු ඉහළ දැමීමත් තිබියදී විදුලි සේවයන් විදුලි සැපයුම විසන්ධි කිරීමට ගිය හොත් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වියහැකි බවත් එසේ වුවහොත් විදුලි සේවකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වන බවත් ජයලාල් මහතා කියා සිටියා.

ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙරදින කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජයලාල් මහතා වැඩි දුරටත් පැවසීය.