ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් අනතුරකට ලක්වෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ඔහු නවදිල්ලි බලායන අතරතුර රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති බවයි.
අනතුර සිදුවීමෙන් පසුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට ප්ලාස්ටික් සැත්කමට භාජනය කර තිබෙනවා.
රිෂාබ් ට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

