උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේ දී පහළ ගොස් තිබෙනවා.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවන්ට අනුව පසුගිය නොවැම්බර් මාසයේ 61%ක්ව පැවති උද්ධමනය, දෙසැම්බර් මාසයේ දී 57.2% දක්වා අඩුවී තිබෙනවා.
මේ අතර නොවැම්බර් මාසයේ 73.7%ක් ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 64.4% දක්වා අඩුවී ඇති බවයි එම දෙපාර්තමේන්තු දත්ත වාර්තා කරන්නේ.

