මහනුවර ත්‍රීවිල් ගැන දරුණු කතාවක්

මහනුවර ත්‍රීවිල් ගැන දරුණු කතාවක්

මහනුවර නගරයේ සංචාරය කරන්නේ නම් එහි ත්‍රීරෝද රථ වල ගමන් නොකරන්නැයි තානාපති කාර්යාලය විසින් තම රටවල සංචාරකයන් ට උපදෙස් ලබා දී තිබේ.

මහනුවර ත්‍රීරෝද රථ රියැදුරන්ගේ අනීතික කටයුතු හේතුවෙන් මෙම උපදෙස් නිකුත් කර ඇතැයි මහනුවර නාගරික කොමසාරිස්වරයා සඳහන් කරයි.

බොහෝ රටවල සංචාරකයන් තුළ මහනුවර නගරය පිළිබඳව පවතින්නේ යහපත් නොවන ප්‍රතිචාරයක් බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති වැඩසටහනක් අමතමිනි.