60න් විශ්‍රාම යන දුම්රිය සේවකයින් 300කට යළි අවස්ථාවක්

60න් විශ්‍රාම යන දුම්රිය සේවකයින් 300කට යළි අවස්ථාවක්

වයස අවුරුදු 60 සම්පුර්ණ වූ සේවකයින් 300ක් සේවා අවශ්‍යතා මත සේවයේ තබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් හා ජනාධිපති ලේකම්වරයාගේ නිර්දේශවලට යටත්වයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාල සේවකයින් කොන්ත්‍රාත් පදනම මත ඉදිරියට කටයුතු කරන බවය.

සේවා අවශ්‍යතා මත එලෙස සේවය ලබා ගන්නා පිරිස අතර දුම්රිය රියැදුරන්, රියැදුරු සහයකයින්, දුම්රිය නියාමකයින් ඇතුළු තාක්ෂණික හා මෙහෙයුම් සාමාජිකයින් වනබව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මේ අතර, සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30,000ක් අද (31) දිනයේ විශ්‍රාම යාමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේය.