අලුත් වෙන රියැදුරු බලපත්‍රය මේ වසරේ

අලුත් වෙන රියැදුරු බලපත්‍රය මේ වසරේ

මේ වසරේ QR කේතය සහිත රියැදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට තීරණය ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, දැනට පවතින රියැදුරු බලපත්‍රය අලුත් කිරීමේදී ද,QR කේතය සහිත බලපත්‍රය ලබාදෙන බවයි.

වාහන ආනයනය සීමා කර ඇති බැවින් පසුගිය වසරේ වාහන ලියාපදිංචිය පහළ ගොස් ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරිය පැවසුවා ය.