2023 අවසන් වන විට මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමු – ජනපති

මෙම වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේද හදුන්වා දෙමින් මුළු රජය ම එක ම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
නව වසර වෙනුවෙන් සේවා ඇරඹීම සදහා ජනාධිපති කාර්යාලයේ අද ( 02) පැවති විශේෂ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.
වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ත් රාජ්‍ය සේවය පැය 8කට සීමා නොවීමේ වැදගත්කම ත් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී තිබේ.
“තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 8කට සීමා වෙන්නේ නැහැ. තමන්ගේ වැඩකටයුතු සතියේ දවස් 5කට සීමා වෙන්නේ නැහැ. 2023 අවසන් වන විට මේ රටේ සාමන්‍ය තත්ත්වයක් ඇති කරමු කියලා බලාපොරොත්තුවෙන් ඔබ සියලු දෙනාගේ සහයෝගය ඇතිව මේ රට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්

