හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි – 4ක් මරුට

ඕස්ට්‍රේලියාවේ – ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේදී හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් හතරදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුරෙන් තවත් කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි පුද්ගලයන් 9 දෙනෙකු සිට තිබෙනවා.
එක් හෙලිකොප්ටර් යානාවක් ගුවන් ගත කිරීමේදී සහ අනෙක් යානය ගොඩබෑමේදියි මෙම අනතුර සිදුව ඇත්තේ.


