ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිභාවය යළි ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරතිබේ.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මීට පෙර ඉල්ලා අස් කරගත් සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලුම් කර ඇති බවයි.
ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය: 2019 දී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉවත්කර ගත්තේ ය.
බලයෙන් ඉවත්මෙන් පසුව, ඔහුට කිසිදු රටක සරණාගතභාවය ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව හින්දුස්ථාන් හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කළේ ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ ජුලි මාසයේ රට හැර යාමෙන් පසුව මාස දෙකකට පමණ පසු නැවත මෙරටට පැමිණියේ ය.
කෙසේ වෙතත් එම පුවත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ප්රතික්ෂේප කර තිබෙනවා.

