කංජිපානි පැන ගියේ බුද්ධි අංශයේ පසුබෑමකින් බව කැබිනට් ප්‍රකාශකගෙන් කියමනක්

කංජිපානි පැන ගියේ බුද්ධි අංශයේ පසුබෑමකින් බව කැබිනට් ප්‍රකාශකගෙන් කියමනක්

මෙරට බුද්ධි අංශයේ පසුබෑමක් තිබේ ද යන්න පිලිබඳ ගැටලුවක් මතු වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළා ගොස් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින්.

මාධ්‍යවේදියා: කංජිපානි ඉම්රාන් දෙසැ. 20 වන දා ඇප මත නිදහස් වෙලා තියෙනකොට හෝ නිදහස් වෙන්න කලින් ඉන්දීය බුද්ධි තොරතුරු සහ තමිල් නාඩු බුද්ධි අංශය අනාවරණය කරනවා තලෛමන්නාරම හරහා රාමාන්තපුරම්වලට, නමුත් අපේ බුද්ධි අංශ ඒ පිළිබඳව තැකීමක් නොකර ඔහු 25 වන දා ඉන්දීය බුද්ධි තොරතුරුවලට අනුව ඔහු ඉන්දියාවට පළා යනවා. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශය කටයුතු නොකළේ ඇයි?

කැබිනට් ප්‍රකාශක: ලංකාවෙන් පිටව ගිය කංජිපානි ඉම්රාන් පිළිබඳ කැබිනට් මණ්ඩලය සාකච්ඡා වුණේ නැහැ. අපි දැනුවත් වුණෙත් නැහැ. එය බුද්ධි අංශය නොදැන සිටියේ ඇයි ද යන ප්‍රශ්නය පිළිබඳ ඒ අංශයෙන් තමයි විමසන්නට ඕන. ඒ පිළිබඳ රාජ්‍ය ආරක්ෂක ආමත්‍යවරු විසින් පිළිතුරක් දෙයි. මම ඒ පිළිබඳව දැනුවත් නැහැ.

සාමාන්‍යයෙන් අපේ බුද්ධි අංශයේ පසුබෑමක් තිබුණා ද කියන ප්‍රශ්නය තිබෙනවා. මොකද ඉන්දියානු බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු ඉදිරිපත් කරනකම් අපේ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න තිබුණා. ඒවා ක්‍රමක් ක්‍රමයෙන් නිවැරදි කරගෙන යන බව තමයි මගේ දැනීම. යනුවෙන්