යුක්රේනයත් වැඩේ අත් නොහරින පාටයි – රුසියාවට දරුණු ප්‍රහාර

යුක්රේනය එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ ඩොම්බාස් ප්‍රාන්තයේ මකීවා නගරයේ පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසු ව යුක්රේනය එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ වැඩි ම පිරිසක් මියගිය අවස්ථාව මෙය බව යි.
මීට පෙර යුක්රේන ප්‍රහාරවලින් පුද්ගලයින් මියගිය බවට රුසියාව ප්‍රකාශ නො කළ අතර තම වැසියන් මියගිය බවට පිලිගත් ප්‍රථම අවස්ථාව ද මෙය වෙනවා.

