පාඩු ලබද්දී බෝනස් දුන් සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

ප්‍රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට නියෝග කර තිබේ.
අදාළ නියෝගය මගින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ආයතන දෙක ම පාඩු ලබන මොහොතක ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ය.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ ය.

