බස් ගාස්තු අඩු කරයිද ? නැද්ද ? තීරණය අද

ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (04) ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා ප්‍රකාශ කළේ, ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුවිය යුතු ප්‍රතිශතයන් සම්බන්ධයෙන් වාර්තාවක් අමාත්‍යාංශයට භාර දුන් බවයි.
මේ වනවිට අවස්ථා දෙකකදී ඩීසල් මිල රුපියල් 25 කින් පහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩුවීමක් සිදුව නැත.

