හැරී මල්ලිට විලියම් අයියා බිම වැටෙන්න ගහලා

හැරී මල්ලිට විලියම් අයියා බිම වැටෙන්න ගහලා

නිකුත් වීමට නියමිත හැරී කුමරුගේ ස්වයං චරිතාපදානය වන ‘ස්පෙයාර්’ හි හැරී කුමරුට තම සහෝදරයා වන විලියම් කුමරු විසින් කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මේ වන විට විදෙස් මාධ්‍ය කළඹා තිබෙනවා.

හැරී කුමරුග් ලියූ ස්වයං චරිතාපදානය නම් කර ඇත්තේ ‘Spare’ යනුවෙනි. ‘Spare’ ස්වයං චරිතාපදානය, ලබන ජනවාරි 10 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

‘ද ගාඞ්යන්’ පුවත්පත එහි සඳහන් කරුණු කාරණා කීපයක් ප්‍රසිද්ධියට පත් කළේ ‘Spare’ කෘතිය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර, ඔවුන් අතට පත්වුණු පිටපත පාදක කර ගනිමිනි.

හැරී කුමරු සහ විලියම් කුමරු අතර බහින් බස් වීම් සිදුවී, විලියම් කුමරු හැරී කුමරුන්ට බිම වැටෙන්න පහර දී ඇති බව හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.

ද ගාර්ඩියන් විසින් එම ගැටුම විස්තර කරන්නේ වර්තමානයේ වේල්ස් කුමරු වන විලියම් සහ හැරී කුමරු අතර මෙම ගැටුම ඇති වීමට හේතුව වී ඇත්තේ, හැරී විසින් තම ජීවන සහකාරිය ලෙස මේගන් මාක්ල් තෝරා ගැනීම සම්බන්ධ ආරවුලක් බවයි.

https://bit.ly/3jS6B2d