තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට

නාම යෝජනා කැඳවීම් නිකුත් කළ පළාත් පාලන ආයතන 340 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට එම කාල සීමාව අවසන්වීමට නියමිත බවයි ඔවුන් නිවේදනය කළේ. අදාළ දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බව එහි දැක්වෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති අතර, ඒ අනුව එළැඹෙන 18 වැනිදා සිට 21 දක්වා නාම යෝජනා කැඳවෙනු ඇති.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතන 341න් 340ක් සඳහා නාම යෝජනා කැඳවීම සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ.