හයිවේ බස් ගාස්තු අඩු වුණ හැටි

හයිවේ බස් ගාස්තු අඩු වුණ හැටි

අධිවේගි මාර්ගවල මගීන්ගෙන් අය කරන ගමන් ගාස්තුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කිරීමට පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව මාකුඹුර – ගාල්ල අතර නව ගාස්තුව රුපියල් 930ක් වන අතර, මාකුඹුර – මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 1170ක්.

කඩුවෙල – මාතර අධිසුඛෝපභෝගී නව බස් ගාස්තුව රුපියල් 1260ක් දක්වා අඩු කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ කොළඹ – කතරගම අතර නව බස් ගාස්තුව රුපියල් 2270ක් බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

කොළඹ – මාතර අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 1300ක්.

ඊට අමතරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ – කතරගම ගාලු පාරේ ධාවනය වන බස්රථවල අර්ධ සුඛෝපභෝගි සේවාව ඉවත් කර සාමාන්‍ය බස් රථ සේවාවක් බවට පත් කෙරුණා.

ඒ අනුව එම මාර්ගයේ අර්ධ සුඛෝපභෝගි බස් රථවලින් අය කෙරෙන ගාස්තු අඩු කර තිබෙනවා.