ශූරයා කවුද ? තීරණය අද

ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් පන්දු වාර විස්සයි 20 ක්රිකට් තරඟාවලියේ තෙවැනි සහ අවසන් තරඟය ඉන්දියාවේ රාජ්කොට් හිදී අද (07) ප.ව.7.00ට පැවැත්වේ.
තරඟාවලියේ පළමු තරගය ඉන්දියාව ජයගත් අතර පෙරේදා පැවති තරගයේ ජයග්රහණය ශ්රී ලංකාවට හිමි වීම හේතුවෙන් කණ්ඩායම් දෙකම අද රාජ්කොට් වෙත ගමන් කරන්නේ මෙම තරඟය ජයගෙන තරඟාවලිය ජයග්රහණය කිරීමේ අරමුණෙනි.
පූනේ හිදී පෙරේදා පැවැති තරගය ශ්රී ලංකාව ලකුණු 16න් ජයග්රහණය කිරීමට සමත්වූ අතර එම ජයග්රහණය වසර හතකට පසුව ශ්රී ලංකාව ඉන්දියාවේ දී ලැබූ පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟ ජයග්රහණය ලෙස වාර්තා පොත් අතරට එක් විය.
අද තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව පසුගිය තරඟ දෙකට ක්රීඩා කළ කණ්ඩායමම යොදාගනු ඇතැයි බොහෝ දුරට අනුමාන කළ හැක. එහෙත් ඇතැම් විට මේ වනවිට ලකුණු අතර නොසිටින භානුක රාජපක්ෂ හෝ ධනන්ජය ද සිල්වා වෙනුවට සංචිතයේ සිටින අවිශ්ක ප්රනාන්දු කැඳවීමට ද ඉඩ ඇත.

