මැක්ඩොනල්ඩ්ස් සමාගමේ රැකියා කප්පාදුවක්

ලොව රටවල් රැසක ක්ෂණික ආහාර ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන මැක්ඩොනල්ඩ්ස් සමාගම ඔවුන්ගේ රැකියා කප්පාදුවක් සිදු කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමගින් නව අවන්හල් සඳහා වන සැලසුම් වේගවත් කරනු ඇතැයි අපේක්ෂිතයි.
යල් පැන ගිය සහ ස්වයං – සීමාකාරී ව්‍යුහය නිසා සමාගමට හානියක් සිදුවෙමින් පවතින බව එහි පරිපාලනයේ අදහස වී තිබෙනවා.
මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල පුද්ගලයන් 200,000 ක් පමණ සේවයේ යොදවා ඇති අතර ඉන් 75% ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත පිහිටා තිබීම ද විශේෂත්වයක්.

