බස් ගාස්තු අඩු කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

බස් ගාස්තු අඩු කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

මෙහිදී ගමනාගමන කොමිසමේ නියෝජිතයින් බස් සංගම්වලින් ඉල්ලා ඇත්තේ රුපියලකින් හෝ බස් ගාස්තු අඩු කරන ලෙසටයි.

එහෙත් බස් සංගම් පෙන්වා දුන්නේ ඩීසල් මිල අඩුවුව ද බස් කර්මාන්තයේ අනෙකුත් යෙදවුම් මිල ඉහළ යාම හේතුවෙන් ගාස්තු අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

ඒ අනුව දෙපාර්ශ්වය අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

තවත් රුපියල් 30 කින් පමණ ඩීසල් මිල අඩු කරන්නේ නම් බස් ගාස්තු සංශෝධනය කළ හැකි බව බස් සංගම් නියෝජිතයින් මෙහිදී සඳහන් කර තිබුණා.