හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මන්දිරයට කඩා වදී

හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මන්දිරයට කඩා වදී

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බවය.

එය “ෆැසිස්ට්” ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ආධාරකරුවන් පලවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ජනාධිපති ලුලා ද සිල්වා පවසන්නේ, විරෝධතාකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන බව ය.

රජයේ ගොඩනැගිලි පිහිටි ප්‍රධාන මාර්ග ඇතුළු ස්ථාන, පැය 24 ක් වසා තබන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරෝධතාකරුවන් අත්පත් කරගත් ,ජනාධිපති මන්දිරය සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු රජයේ ගොඩනැගිලි මේ වනවිට පොලීසිය විසින් අත්පත් කරගනු ලැබ ඇති බව ය.

එසේම විරෝධතාකරුවන් 170 දෙනෙකු පමණ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

https://bit.ly/3GPujVP