පුංචි ඡන්දයට අලියා සහ පොහොට්ටුව එක්ව තරඟ කිරීමට තීරණයක්

පුංචි ඡන්දයට අලියා සහ පොහොට්ටුව එක්ව තරඟ කිරීමට තීරණයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කිරීමට තීරණය කර තිබේ.

අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකට එකතුවෙලා මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට අපි තීන්දුවක් අරගත්තා මීට ඉහත දිනයේ සාකච්ඡාවේදී. ඒ අනුව අපි ඒ ඒ දිස්ත්‍රික්කවල දෙපාර්ශවයේම ප්‍රධානීන් නියමුවන් ගෙනල්ලා සාකච්ඡා කරලා අලියා ලාංඡනයෙන් තරඟ කරන පළාත් පාලන ආයතන මොනවාද පොහොට්ටුව ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද ඒ වාගේම පොදු ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද කියන එක සම්බන්ධවත්, එකට තරඟ කරන ස්ථානවලදී අපේක්ෂකයන් බෙදාගැනීමේ පදනම මොකක්ද කියන එක පිලිබඳව සාකච්ඡා කරලා එකඟතාවයන්වලට පැමිණියා. දිස්ත්‍රික් 5ක අද සිදුකළා. ඉතිරි දිස්ත්‍රික්ක ගැනත් ඉදිරි දිනවල සාකච්ඡා කරලා එවැනි තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. පොදු ලාංඡනය ගැන ඉදිරියේදී පක්ෂ දෙක සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.” යනුවෙන්