වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තවකාලිකව නවත්වයි

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවා අත්හිටුවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව, පළමු මහල, බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, 43-48, යෝක් වීදිය, කොළඹ – 1 ලිපිනයෙහි පිහිටි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය හදිසි අවශ්‍යතාවක් මත දැනට පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යාමට සිදුව ඇති බැවින් මහජනතාව වෙත සපයනු ලබන සේවා අද (ජන. 10) දින සිට ජනවාරි 12 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ඇත.
කෙසේ නමුත්, මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවා ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යන බව ත් සේවා පිළිබඳව තෙරතුරු www.dgshipping.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

