දෙමළ සන්ධානය කැඩෙයි ?

එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සම්මේලනයේ හවුල්කාර පක්ෂ වෙනම තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අද කොළඹ දී පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බවයි දෙමළ ජාතික සම්මේලනයේ ප්‍රකාශක කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ වන්නේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සංවිධානය සහ ප්ලොට් සංවිධානයයි.
මේ අතර දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් පවසා ඇත්තේ තමිල් අරසු කච්චි පක්ෂය හැර අනෙකුත් පක්ෂ එක සන්ධානයක් ලෙස මෙම ඡන්දයට ඉදිරිපත් වන බවයි.

