පුංචි ඡන්දයට අලුත් සන්ධානයක් අද එළියට

පුංචි ඡන්දයට අලුත් සන්ධානයක් අද එළියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය අද (11) එළි දැක්වීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

එම සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරන උත්තර ලංකා සභාගය මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් පිරිස ඇතුළු ආදී පක්ෂ නව සන්ධානය නියෝජනය කරනු ඇති.

නව සන්ධානය නියෝජනය කරන පක්ෂවල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 38 කට අධිකය.