“නිදහස් ජනතා සන්ධානය” හෙලිකොප්ටරයෙන් එළියට එයි

දේශපාලන පක්ෂ රැසක් එක්ව “නිදහස් ජනතා සන්ධානය” නමින් නව සන්ධානයක් එළිදැක්වීමට මෙරට දේශපාල පක්ෂ කිහිපයක් කටයුතු කළා.
ඒ අනුව නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානය එළිදැක්වීම අද (11) සිදු වූයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී යි.
එම නව සන්ධානය සඳහා එළඹෙන පාළාත් පාලන මැතිවරණයට එක්වී තරග කිරීම සූදානමින් පසුවන අතර ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කන්ඩායම් 10ක් එක්ව සිටිනවා.
නව සන්ධානය එළිදැක්වීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්රියදර්ශන යපා ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමෙන්තුවට පිවිසි මන්ත්රීවරු 35ක් සහභාගි වී සිටියා.
මෙම නව සන්ධානයේ මැතිවරණ සලකුණ ලෙස තෝරාගෙන ඇත්තේ හෙලිකොප්ටර සලකුණයි.


