රුසියානු යුද්ධයට අණ දුන් ප්රධාන අණදෙන නිලධාරීයා ධූරයෙන් නෙරපයි

රුසියානු ජනපති වැලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය මෙහෙය වූ ප්රධාන අණ දෙන නිලධාරීයා වන ජෙනරාල් සර්ජි සුරෝවිකින් ධුරයෙන් නෙරපා තිබෙනවා.
ඒ, රුසියාවේ යුධ අරමුණු සාක්ෂාත් කිරීමට ඔහු අසමත් වූ බවට චෝදනා කරමින්.
ඒ වෙනුවට ජෙනරල් වැලරි ජෙරිස්මෝව් නව හමුදා ප්රධානියා ලෙස පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය මාස කිහිපය තුළ නැගෙනහිර යුක්රේනයේ යුද මෙහෙයුම් ක්රියාත්මක කිරීමේ දී රුසියානු හමුදා දැඩි පසුබෑමකට ලක්වූ බව යුක්රේනය ප්රකාශ කළ අතර ජනපති පුටින්ගේ ක්රියාකලාපයන් මගින් ද ඒ බව තහවුරු වුණා.
පසුගිය දා රුසියානු ජනපතිවරයා තීරණය කර තිබුණේ, සිය හමුදාවේ මානසිකත්වය ඉහළ නැංවීම සඳහා තූර්යවාදක කණ්ඩායම් සහ සර්කස් කණ්ඩායම් නිල ඇඳුමින් යුධ පෙරමුණට යැවීමටයි.
එමෙන්ම එරට ආරක්ෂක ප්රධානීන් රැස්වූ අවස්ථාවක දී යුක්රේනයේ ප්රධාන නගරයක් වන කර්සන් ආරක්ෂා කරගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ද හිටපු ජෙනරාල් සර්ජි සුරෝවිකින්ට චෝදනා එල්ල වී තිබුණා.

