කැලණිතිස්ස බලාගාරයක වැඩ නැවතෙයි – මෙගා වොට් 165ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වෙන ලකුණු

ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 165ක් එක් කරන කැලණිතිස්ස ඩීසල් විදුලි බලාගාරය අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව කැලණිතිස්ස විදුලි අධිකාරීය පවසනවා.
මීට හේතු වී ඇත්තේ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නැප්තා ඉන්ධන නොමැතිවීමයි.
කැලණිතිස්ස විදුලි බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සඳහා නැප්තා ලීටර ලක්ෂ 9ක් පමණ අවශ්‍ය වනවා.
මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට ජල විදුලිය ඒකකයකට පසු අඩු ම පිරිවැයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරනු ලබන්නේ නැප්තා ඉන්ධනයෙන් ක්‍රියාත්මක වන කැලණිතිස්ස චක්‍රීය විදුලි බලාගාරය විසින්.
කැලණිතිස්ස බලාගාරයේ ඒකකයක් නිෂ්පාදනය සඳහා යන වියදම රුපියල් 40-45ත් අතර පවතිනවා.
මේ වන විට ගල් අඟුරු බලාගාර හරහා නිෂ්පාදනය කෙරෙන ඒකකයක් සඳහා සාමාන්‍ය වශයෙන් රුපියල් 60 – 65ත් අතර මුදලක් වැය වන බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් නැප්තා තොග මේ වනවිට මෙරට තුළ පවතින අතර එසේ තිබියදී බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුවීම ගැටලු සහගත තත්ත්වයක් බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරි රත්න මහතා සදහන් කළේය.

