මහ බැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ණය අඩු කර ගන්නා ලෙස ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හැකි ඉක්මනින් ණය අවම කර දෙන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා.
ඒ, බීබීසීය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වන අතර එමගින් සියලුදෙනාට යහපතක් වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

