විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක් – 20ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝම්බකරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණි පිපිරීම සිදුකර ගැනිමට උත්සාහකර ඇති අතර එය ව්‍යර්ථ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පිපිරීම සිදුවූ ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාලය පිහිටා තිබෙනවා.
අදාළ ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්.කේ නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

