හිටපු ජනපති ගැන උසාවියෙන් නියෝගයක්

හිටපු ජනපති ගැන උසාවියෙන් නියෝගයක්

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ දී සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද (13) කැඳවූ අවස්ථාවේදියි.

පසුගිය වසරේ ජූලි මාසයේදී අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුලු වූ අවස්ථාවේදී එහි තිබී මෙම මුදල සොයාගනු ලැබුවා.