රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (12) රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක් වී රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහල් දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පැවති රැස්වීම අතරතුර පපුව අල්ලාගෙන සිටි හිටපු මහ ඇමතිවරයා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකළ බවත් වාර්තා වනවා.