පාස්කු වින්දිතයින්ට යුක්තිය වගේම මහ මොළකරුත් හෙළිවිය යුතුයි

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පිරිසට එරෙහිව නඩු පැවරිය යුතු වගේම, මෙම ප්‍රහාරයේ මහමොළකරු තවම හෙළි වී නොමැති බවත් ඒ පිළිබඳ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.
හිටපු ජනාධිපතිවරයා ඇතුළු චෝදනා ලද නිලධාරීන් නිසිපරිදි සිය වගකීම් ඉටුකර නැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා තහවුරු වන බවත් දැන් කළ යුතුවන්නේ දණ්ඩ නීති සංග්‍රහය සහ අනෙකුත් අපරාධ පනත් අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ට විරුද්ධව සාපරාධී වගකීම් පැහැර හැරීම පිළිබඳ නඩු පැවරිය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව අනුව තවදුරටත් ඉදිරියට යා යුතු වන බවත් එම ප්‍රහාරයේ දේශපාලන වුවමනාවක් පැවතියේද යන්න පිලිබඳ ව සොයා බැලීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට බව හෙතෙම ප්‍රකාශ කළේය.

