හැරී කුමරුගෙන් ගිනස් වාර්තාවක්

හැරී කුමරුගේ ආන්දෝලනාත්මක මෙන්ම සියලු මතක සටහන් රැගත් ස්පෙයාර් ග්‍රන්ථය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
බ්‍රිතාන්‍යය, ඇමරිකාව, කැනඩාව යන රටවල එය නිකුත්කළ පළමු දිනයේදීම පිටපත් මිලියන 1.43ක් අලෙවි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
හැරී කුමරුගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ විස්තර, ඔහුගේ සොහොයුරු විලියම් කුමරු සමඟ ඇති වූ ගැටුමක් සහ තවත් බොහෝ තොරතුරු අඩංගු වූ ස්පෙයාර් කෘතිය ජනවාරි 10 වැනිදා නිකුත් වූ අතර, එය භාෂා 16කට පරිවර්තනය කර ඇති බව සඳහන්.
මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකු වන බැරැක් ඔබාමා 2020 වසරේ ප්‍රකාශයට පත් කළ සිව්වන කෘතිය වන අ ප්‍රොමිස් ලෑන්ඩ් කෘතියයි.

