මත්පැන් ගැන සුරාබදු කොමසාරිස්වරයාට නියෝගයක්

මත්පැන් ගැන සුරාබදු කොමසාරිස්වරයාට නියෝගයක්

අලෙවියට තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා ඇත්දැයි සම්බන්ධයෙන් අද දිනයේදී වාර්තාවක් ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිවරයාට නියෝග කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

මත්පැන් වර්ගවල ප්‍රමිතියත්, බදු ගෙවන ලද බවත් සහතික කර ගැනීමේ අරමුණින් මෙම ස්ටිකර් ක්‍රමවේදය හඳුන්වා දුන්නා.

කෙසේ වෙතත් එම ස්ටිකර් ව්‍යාජ ලෙස මත්පැන් බෝතල්වල අලවන බවට තොරතුරු ලැබී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.